ETI නඩුව මැයි 17ට කල්යයි
March 18, 2019 02:22 pm
ඊ.ටී.අයි ආයතනයේ තැන්පත් කරන ලද රුපියල් ලක්ෂ 49 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම සමාගමේ අධ්යක්ෂවරු හතර දෙනාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා කියවන ලදී.
මෙම නඩුව විභාග නොකොට ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කරමින් මෙම චෝදනා කියවා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළේය.
එම චෝදනා කියවා දීමෙන් අනතුරුව නඩූව මැයි මස 17 වනදා විභාගයට ගැනීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළේය.
අදාළ මුල්‍ය සමාගමේ රුපියල් ලක්ෂ 49 ක මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් දෙදෙනෙකු විසින් මෙම නඩුව පවරා තිබුණි.