OSAKA සිනමා උළෙලේ විශිෂ්ටතම චරිත නිරූපණයට හිමි සම්මානය නිල්මිණි සිගේරාට

OSAKA සිනමා උළෙලේ විශිෂ්ටතම චරිත නිරූපණයට හිමි සම්මානය නිල්මිණි සිගේරාට

March 18, 2019   11:50 am

14 වැනි OSAKA අන්තර්ජාතික චිත්‍රපට උළෙල මේ දිනවල ජපානයේදී පැවැත් වෙයි.  

සිනමාවේදී අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අසන්ධිමිත්තා” චිත්‍රපටය මේ සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළේය.

පසුගිය 13 වැනිදා සහ ඊයේ(17) සිනමා උළෙලේදී අසන්ධිමිත්තා චිත්‍රපටය තිරගත කොට තිබුණි.

ඊයේ ජපානයේදී OSAKA සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුණි. 

එහිදී උළෙලේ තිරගත වුණු චිත්‍රපටවල චරිත නිරුපණය කළ සියලු ශිල්පිනියන් අභිබවා විශිෂ්ටම චරිත නිරුපණය උදෙසා වන “යාකුෂි මුතු” සම්මානය “අසන්ධිමිත්තා” චිත්‍රපටයේ අසන්ධිමිත්තාගේ චරිතය නිරූපණය කළ නිල්මිණි සිගේරා විසින් ලබාගෙන තිබේ.

උළෙලේදී චිත්‍රපටය සහ එහි රංගන ශිල්පිනිය වෙත උණුසුම් ප්‍රතිචාර ලැබුණු බවද සඳහන් වෙයි.