ශ්‍රී පාද වන්දනාවේදී විශ්‍රාමික සෙබළෙක් ජීවිතයෙන් සමුගනියි

ශ්‍රී පාද වන්දනාවේදී විශ්‍රාමික සෙබළෙක් ජීවිතයෙන් සමුගනියි

March 16, 2019   09:52 am

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි යුධ හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ඉදිකටුපහන ප්‍රදේශයේදී මියගොස් ඇත.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මහනුවර දවුලගල ඇම්බැක්ක ප්‍රදේශයේ පදිංච 45 හැවිරිදි අයෙක් බව අප වාර්තාකරු සඳහන් කර සිටියි.

ජිවිතක්ෂයට පත් යුධ හමුදා සෙබළා ඔහුගේ පවුලේ සමාජිකයන් සමඟ ඊයේ (15) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර ඉදිකටු පහන ප්‍රදේශයේදී අද (16) අලුයම 1ට පමණ හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව පවුලේ සමාජිකයන් සහ ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව අදාළ පුද්ගලයාව නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලීසිය ප්‍රකාශ කර ඇත.

මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂනය සඳහා මස්කෙළිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.