බදුල්ල අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

March 16, 2019   09:23 am

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.

පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.

අද උදෑසන 08.15-08.20ත් අතර කාලය තුළ මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසා සිටියේය.

භූ කම්පන තත්ත්වය හේතුවෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් හෝ කිසිදු ස්ථානයක ආපදා තත්වයක් වාර්තා වී නොමැති බව ඔහු සඳහන් කර සිටියේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලය භු කම්පන තත්ත්වය සම්බන්ධයෙන් වන තාක්ෂණික තොරතුරු විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නොවන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සඳහන් කර ඇත.