සැකකටයුතු මළසිරුරක් පොල් වත්තකින් මතුවෙයි

සැකකටයුතු මළසිරුරක් පොල් වත්තකින් මතුවෙයි

March 16, 2019   08:51 am

මුන්දලම පොලිස් වසමේ ශාන්ත මයිකල්වත්ත අම්පලවේලි පිහිටි පොල් ඉඩමක් තුල සැකකටයුතු අන්දමින් මියගොස් ඇති පුද්ගල මළසිරුරක් හමුවී ඇත.

ඊයේ (15) සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට මුන්දලම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මරණකරු වයස අවුරුදු 69ක් වූ මහකුඹුක්කඩවල ලිපිනයේ පදිංචි අයෙකි.

මෘත දේහය අවට රසායනික ද්‍රව්‍යයක්, ලේ වැනි සළකුණු දක්නට ලැබී ඇති අතර මෘත ශරීරය, සිද්ධිය සිදුවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දිනයේ සිදු කරන අතර මුන්දලම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.