කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය අදයි

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය අදයි

March 16, 2019   07:02 am

කච්චතිව් දූපතේ ඓතිහාසික ශෘන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික සේව මංගල්‍ය අද(16) පැවැත්වෙයි.

වාර්ෂිකව  පැවැත්වෙන මෙම දේව මෙහෙය සඳහා පසුගිය වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් 10,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබුණි.

මේ වසරේද විශාල පිරිසක් සහභාගී වනු ඇති බව නාවික හමුදාව පවසයි.

දේවමෙහෙයට සහභාගී වන මැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් සේවාවන් සැපයීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.