දේශපාලන පක්ෂවල වත්කම් බැරකම් ප්‍රකාශ ලබන සතියේ අන්තර්ජාලයට

දේශපාලන පක්ෂවල වත්කම් බැරකම් ප්‍රකාශ ලබන සතියේ අන්තර්ජාලයට

March 16, 2019   06:55 am

සියලු දේශපාලන පක්ෂවල වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබන සතිය වන විට සිය වෙබ් අඩවියේ පල කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ප්‍රතිචාරය විමසා ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා සහ එම පක්ෂවල නිලධාරි මණ්ඩලය සම්බන්ධයෙන් වන තොරතුරු නිකුත් කිරීමට නියමිතයි.