ත්‍රිපිටකාභිවන්දනා සතිය අදින් ඇරඹෙයි

ත්‍රිපිටකාභිවන්දනා සතිය අදින් ඇරඹෙයි

March 16, 2019   06:04 am

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් “ත්‍රිපිටකාභිවන්දනා“ සතිය අද (16) දිනයෙන් ආරම්භ වීමට නියමිතය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් හෙටින් ආරම්භ වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා“ සතිය ලෙස නම් කර තිබේ.

“ත්‍රිපිටකාභිවන්දනා“ සතියට සමගාමීව දීපව්‍යාපත්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක අතර සර්වඥ ධාතු ප්‍රදර්ශනය ද දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, සියළුම නිවාසවල, රථවාහන සහ මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 වනදා ශ්‍රී දළදා මාළිඟාවේ මහමළුවේදී සිදු කිරීමට නියමිතයි.