සහන මිලට මාළු දීමට ඇති බාධාවක් ගැන දිලිප් කියයි
March 15, 2019 11:02 pm
ජනතාවට ගුණාත්මක මාළු සහන මිලට ලබාදීම සඳහා ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ පවත්වාගෙන යන ධීවර සංස්ථාවේ අලෙවිසැල් සඳහා ඇතැම් පළාත් පාලන ආයතන වලින් දිගින් දිගටම බාධා එල්ල වෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසා ඇත.
මේ පිළිබඳව තමන් වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ඒ මහතා සඳහන් කර ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන වල ප්‍රගති සමාලෝචන සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පවසා තිබේ.
එම කටයුතු වලදී එල්ලවන බලපෑම් පිළිබඳ අවධානය යොමු කර වහාම අමාත්‍ය මණ්ඩලයට කරුණු වාර්තා කර පළාත් පාලන ආයතන වලින් එල්ලවන බාධා ඉවත් කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව කටයුතු කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
නව ආදායම් ලැබෙන ක්‍රම වෙත යොමු වී උත්සව සමයට පෙර ජනතාවට සහන සැලසීම සහ දිනෙන් දින පාඩු ලබන සංස්ථාව, ලබන පාඩුව අවම කර ගැනීම සඳහා නව වෙනසක් කඩිනමින් ආරම්භ කළයුතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් පාඩු ලබන ප්‍රාදේශීය අලෙවි හා මිලදී ගැනීමේ කාර්යාල පිළිබඳව දැඩි විමර්ශනයක් කර එම පාඩු අවම කරගැනීම සඳහා මසක් ඇතුළත කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.