විස්ස සම්මත කර ගන්න පසුබට නොවන බව අනුර කියයි

විස්ස සම්මත කර ගන්න පසුබට නොවන බව අනුර කියයි

March 15, 2019   08:42 pm

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාව අතරට ගොස් සම්මත කර ගැනීමට පසුබට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ 'තවත් ජනාධිපතිවරණයක් එපා' යන මැයෙන් ඊයේ නුගේගොඩ පැවති ජනහමුකට එක්වෙමින්ය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවත් යළි කිසි දිනක මෙරට ජනාධිපතිවරණයක් නොපැවැත්විය යුතු බවත්  අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම උතුරේ ජනතාව අතර මරාගෙන මැරෙන බෝම්බනකරුවන් නිර්මාණය කළේ විධායක ජනාධිපති බලය බව අනුර කුමාර මහතා ප්‍රකාශ කර සිටියි.

එසේම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය සිදුකරන්නේ යුද්ධයක් ඇති වූවාට පසු එය නැවැත්වීමට නෙවෙ යුද්ධ ඇති වීම වැළැක්වන්නේ කෙසේද යන අරමුණින් වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

තවත් ජනාධිපතිවරණයක් එපා යන මැයින් මෙම ජනහමුව ඊයේ(15) නුගේගොඩදී පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාණත්වයෙන්ය.