ජනපති නයිරෝබි නුවර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ චාරිකාවක

ජනපති නයිරෝබි නුවර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ චාරිකාවක

March 15, 2019   08:07 pm

කෙන්යාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) දහවල් කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ  (ICRAF) නිරික්ෂණ චාරිකාවක නිරත විය. 

එම මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයාව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Dr. Tony Simons   මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. 

කෘෂිකර්ම පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ හැඳින්වීමක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කරන ලදී.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරය සනිටුහන් කරමින් කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන භූමියේ කොස් පැළයක් ද රෝපණය කෙරිණි.