ඉන්දියන් වේල්ස් ටෙනිස් තරගාවලියේ දී ඩොමිනික්ට ජයක්

ඉන්දියන් වේල්ස් ටෙනිස් තරගාවලියේ දී ඩොමිනික්ට ජයක්

March 15, 2019   11:59 am

අමෙරිකාවේ පැවැත්වෙන ඉන්දියන් වේල්ස් ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් සමත්ව ඇත.

සුපිරි 16 දෙනාගේ වටයේ තරගයේදී ඩොමිනික් තීම් සමඟින් තරග වැදුනේ ක්‍රොඒෂියවේ ඉවෝ කාර්ලොවිච්ය.

තරගයේ පලමු වටය ලකුණු 6ට 4ක් ලෙස ජය ගැනීමට ඩොමිනික් තීම් සමත් වුණි.

දෙවන වටයේදීත් ඩොමිනික් තීම්ට තරගයක් ලබා දීමට ඉවෝ කාර්ලොවිච්ට හැකි වූයේ නැත.

ඒ අනුව ලකුණු 6ට 3ක් ලෙස දෙවන වටයත් ජය ගැනීමට ඩොමිනික් තීම් සමත් වුණි.

ගඒල් මොන්ෆිල්ස් සහ ෆිලිප් කොල්ෂයිබර් අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා ක්‍රීඩකයා සමඟ ඩොමිනික් තීම් අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.