හැටන් බස් නැවතුම්පොළක් අසළින් ගිනි අවියක් හමුවෙයි

හැටන් බස් නැවතුම්පොළක් අසළින් ගිනි අවියක් හමුවෙයි

March 15, 2019   11:05 am

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසළ වලක් කැපිමේදි වල තුළ තිබි රිවොල්වරයක් හමු වි ඇති බව හැටන් පොලීසිය පවසයි.

හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් විසින් අලුතින් වැසිකිලි වලක් කැපිමේදි පස් තුළ තිබි ඊයේ(14) පස්වරුවේ රිවොල්වරය හමු වූ බව හැටන් පොලීසිය සඳහන් කෙළ්ය.

නගර සභා සේවකයින් විසින් වැසිකිලි වල කපා ගොඩකර තිබු පස් මත මෙම රිවොල්වරයක් තිබෙන බව නගර සභා සේවකයින් විසින් කළ දැනුම් දිමක් මත පොලීසිය විසින් රිවෝල්වරය පොලීස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

පස් යට තිබි හමු වු  රිවොල්වරය දිරාපත් වි තිබු බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

හමුවු රිවොල්වරය සමබන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරන බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.