ජීනිවා සැසියට යන අය ජනපතිගේ මතය පමණක් ඉදිරිපත් කළ යුතුයි
March 15, 2019 10:39 am
මෙරට නියෝජනය කරමින් ජීනිවා මානව හිමිකම් සැසිවාරයට එක්වන ජනපති නියෝජීතයින් එහිදී පළ කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ(14) කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර මානව හිමිකම් පිළිබඳ කොමිසම හරහා ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ යුද්ධයේ අවසන් අදියරේදී එය නතර කිරීමට බලපෑම් කළ රටවල් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
එමෙන්ම කොමිසම හමුවේ ගත යුතු තීරණය පිළිබඳ ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නියෝග කළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.