තේක්ක කොට 53ක් සමඟ අයෙක් අත්අඩංගුවට

තේක්ක කොට 53ක් සමඟ අයෙක් අත්අඩංගුවට

March 15, 2019   10:36 am

බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කොට 53ක් සමඟ සැකකරුවෙකු බකමූණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැව තොගය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයද මෙහිදී පොලිස් බාරයට ගෙන ඇති අතර ඊයේ (14) රාත්‍රියේ බකමූණ මාර්ගයේ වටරවුමේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

බකමූණ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගන්නා ලද තේක්ක කොට තොගය රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුතු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

සැකකරු අද(15) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බකමූණ පොලීසිය විසින් සිදුකරනු ලබන බව වාර්තා වෙයි.