නිධන් වස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ 4ක් මාට්ටු

නිධන් වස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ 4ක් මාට්ටු

March 15, 2019   09:49 am

හිනිදුම පොලිස් වසමේ මල්ගල්ල, තලංගල ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ සවස 6.35ට පමණ හිනිදුම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්  සැකකරුවන් අවුරුදු 14, 21, 25 සහ 75 යන වයස්වල පසුවන්නන් බව අතර ඔවුන් තංගල්ල, මීගොඩ, කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අද(15) දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හිනිදුම පොලීසිය විසින් සිද්ධිය පිළිපඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.