විවිධ නලා සවිකර ඇති වාහන සොයා කළ මෙහෙයුමෙන් වාහන 148කට නඩු

March 15, 2019   09:03 am

මොණරාගල පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන දහඅටම ආවරණය වන පරිදි විවිධ නලා වර්ග සහ බල්බ යොදා ධාවනය වන වාහන සොයා සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් එවැනි නලා වර්ග සවිකළ රථ වාහන 148ක් සම්බන්ධව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වෙයි.

ඊයේ (14) උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කර සිටියි.

මෙම මෙහෙයුමේදී විශේෂයෙන්ම බස් රථ සහ ටිපර් රථ පරීක්ෂාවට ලක් වූ අතර එම රථ වාහන වල අධික ශබ්දයක් සහිත විවිධ නලා වර්ග සවිකර තිබී ඇත.

මෙවැනි මෙහෙයුම් මොණරාගල කොට්ඨාශය පුරා අඛණ්ඩව සිදු කරන බව පොලීසිය සඳහන් කර ඇත.