හොරෙන් මැණික් ගැරූ 3ක් මාට්ටු

හොරෙන් මැණික් ගැරූ 3ක් මාට්ටු

March 15, 2019   08:32 am

බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල NC කොටස ප්‍රදේශයේ පිහිටි ඇළක් තුළ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (14) දින සවස 4ට පමණ අත්අඩංගුවට පත්ව ඇති අදාළ සැකකරුවන් වයස අවුරුදු 47, 52, හා 53 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

සැකකරුවන්ට මෙම මස 19 දින නුවරඑළය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

බගවන්තලාව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.