මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම් සීඝ්රයෙන් පහළට
March 14, 2019 01:58 pm
මධ්‍යම කඳුකරයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින වියළි කාළගුණික තත්ත්වයත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහත බසිමින් බවතින බව වාර්තා වෙයි.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම අද (14) පෙ.ව. 06.00 වන විට පිළිවෙළින් පිටාර මට්ටමේ සිට අඩි 58ක් හා 48ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසා ඇත.
ලක්ෂපාන ජල විදුලිබලගාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වලිනි.
මෙම ජලාශ පිහිටි ජල පෝශක ප්‍රදේශ වලට ඉදිරියටත් වැසි නොලැබුණහොත් විදුලි අර්බුදයක් ඇතිවීමේ අවධානමක් පවතින ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි.
මාවුස්සාකැලේ ජලාශයේ, ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසීමත් සමඟ පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් අතරින් බෞද්ධ විහාරස්ථානය, බෝධි ප්‍රාකාරය, ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල, ඝණ දෙවි කෝවිල, ඉස්ලාම් පල්ලිය හා ගල් ආරුක්කු පාලම ජලයෙන් ගොඩවී ඇති අයුරු දැකගත හැකි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.