සහජීවනය ක්‍රියාවෙන් පෙන්වූ අවස්ථාවක්

March 9, 2019   02:23 pm

අද (09) උදෑසන අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කසාවත්ත ග්‍රාම නිළධාරී වසමේ මුස්ලිම් ජනතාව සහ කිරගලම පදිංචි සිංහල ජනතාව එක්ව ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා වන වැඩසටහනක් සංවිධානය කර ඇත. 

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කසාවත්ත ග්‍රාම නිළධාරි වසමේ මුස්ලිම් ජනතාව සහ කිරගලම පදිංචි සිංහල ජනතාවද එක්ව ගම මැද පිහිටි විහාරස්ථානය වන නාත්තේගොඩ පුරාණ විහාරස්ථානය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදු විය.

කසාවත්ත මරණාධාර සමිතිය සහ ගමේ සියලු රාජ්‍ය නිළධාරීන් මේ සඳහා එක්ව සිට ඇත.

මෙයට සමගාමීව කසාවත්ත මුස්ලිම් විද්‍යාලයේ ශ්‍රමදානයක් පැවැත්වීමද සිදුව ඇත. 

මෙම අවස්ථාවට නාත්තේගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍ය පොප්පිටියේ සංඝරතන හිමියන් සමඟ කසාවත්ත මස්ජිදුල් හුදා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මව්ලවි ඒ.එම් සියාම් මහතා ඇතුළු මුස්ලිම්, සිංහල විශාල පිරිසක් එක්ව සිට ඇත.