ENEXCA ජාතික පරිසර ගවේශණ කඳවුර

ENEXCA ජාතික පරිසර ගවේශණ කඳවුර

March 9, 2019   11:34 am

පරිසරයට සංවේදී, පරිසර හිතකාමී අනාගත පරපුරක් බිහි කිරීම උදෙසා මෙරට පළාත් නවයම නියෝජනය කරන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් උපයෝගී කරගනිමින් එනෙස්කා ජාතික පරිසර ගවේශන කඳවුර අඹගමුව මධ්‍ය මහා විද්‍යාලීය පරිශ්‍රයේදී ආරම්භ කර ඇත.

මෙම මස 07 වනදා සිට පුරා දින හතරක් හැටන් අධ්‍යාපන කලාපයට අයත් අඹගමුව මධ්‍යමහා විද්‍යාලීය පරිශ්‍රයේදී මෙම කඳවුර පැවැත්වෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

මෙහිදී පාසල් දරුවන් තුල පරිසර හිතකාමී සහ පරිසරයට සංවේදී මනසක් ඇති කිරීම උදෙසා ජෛව විවිධත්වයට, පරිසර සුන්දරත්වයට හා ජීවින්ගේ පැවැත්ම උදෙසා සතුන්ගේ ඇති වැදගත්කම හා ඔවුන්ගේ සුවිශේෂි ලක්ෂණ මෙන්ම ඔවුන්ගෙන් සමාජයට ඇති වැදගත්කම ඔවුන් ආරක්ෂා කරගැනීමේ ඇති වැදගත්කම, මෙරරට පමණක් ආවේණික ඇතැම් සතුන් වෙනත් රටවල් වලට අලෙවි වීම වැනි කරුණු පිළිබඳව ස්වභාවික පරිසරය ගවේශණය මඟින් ප්‍රයෝගිකව හා දේශණ මඟින් අත්විදීමට අවස්ථාව සලසා දී තිබේ.

සාම්ප්‍රධායික පරිසර කඳවුරක වපසරියෙන් ඔබ්බට ගොස් උරග, මත්ස්‍ය, කුරුළු, ශාඛ, ඖෂධීය හා වෙනත් පැලෑටි පිළිබඳව ගැඹුරින් අවබෝධයක් ලබාදීම ප්‍රායෝගිකව සිදු කරන බව හැටන් කලාප අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක නාමල් චන්දන මහතා පවසා ඇත.

මෙම අවස්ථාව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවේ හා හැටන් අධ්‍යාපන කලාපයේ අධීක්ෂණයෙන් අඹගමුව මධ්‍ය මහා විධ්‍යාලය විසින් සංවිධානය කරන ඇත.