බාලවයස්කාර සාමනේර හිමිවරුන් හතර නමකට බරපතළ ලිංගික අපයෝජන කළ 4ක් අත්අඩංගුවට
March 8, 2019 08:36 am
තිනියාල පොලිස් වසමේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරමින් සිටි, වයස අවුරුදු 10,13,14 හා 16 බාලවයස්කාර සාමනේර හිමිවරුන් හතර නමක් ලිංගික අතවරයන්ට හා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරිම සම්බන්ධව ගිහි සැකකරුවන් 04 දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ(07) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
නොයෙකුත් විෂමාචාර ක්‍රියාවල යෙදෙන අදාළ සැකකරුවන් විසින් මත්ද්‍රව්‍ය හා මත්පැන් සාමනේර හිමිවරුන් වෙත අවස්ථා කිහිපයකදී ලබාදීම සහ මෙම සාමනේර හිමිවරුන්ට ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇති බව ද අනාවරණය වී ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන ඒකකයට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන නිලධාරී චම්පික කේ. අයගම මහතාගේ මූලික විමර්ශනයෙන් පසුව අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ළමා හේවගේ මෙරිල් රංජන් මහතාගේ අධීක්ෂණය මත, ස්ථානාධිපති පො.ප. කදිරගාමර් මහතාගේ මෙහෙය වීමෙන්, උ.පො.ප. සෝමසිරි මහතා, උ.පො.ප. රෝහණ මහතා, පො.සැ.13275 ලක්ෂ්මන් මහතා,පො.කො. 61779 ජනිත මහතා සහ පො.කො. 88391 ඉසුරු මහතා යන නිලධාරීන් විසින් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.