උකුසු ඇසට හසු වු තවත් වැලි ජවාරමක්

උකුසු ඇසට හසු වු තවත් වැලි ජවාරමක්

February 23, 2019   07:45 pm

මහවැලි ඟගෙහි කලක පටන් සිදුකරගෙන ගිය නීති විරෝධී වැලි ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මහවැලි ගගේ මහියංගනය ප්‍රදේශයෙන් ගලා බසින ස්ථාන කිහිපයක  නීති විරෝධි වැලි කැණීම් සිදුකරන ස්ථාන රැසක් පවතින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා දින කිහිපයක් පුරා සිදුකළ ගවේෂණයේදී අනාවරණ වුණේ  මහිංයගනය පොලිස් බල ප්‍රදේශයට අයත් බතලේ යාය ප්‍රදේශයේ ස්ථාන රැසක නීති විරෝධී අයුරින් වැලි කැණිම් සිදුකරණ බවයි.

එමෙන්ම මෙම වැලි තොටුපලවල් රැසක් බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන ඒවා බවද උකුස්සාට අනාවරණ විය.

ඟගකින් වැලි කැනීම් සිදුකරන අවස්ථාවකදී ට්‍රැක්ටර් රථ ඟග තුළට ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් පසුබිමක බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් එම නීතිය අබමල් රේණුවක් තරම්වත් මායිම් නොකර ට්‍රැක්ටර් රථ ඟග තුළට ධාවනය කර වැලි පටවන අකාරය දැක ගන්නට ලැබින.

මෙහිදී උකුස්සාට සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ එවැනිම තවත් ස්ථාන කිහිපය මෙම ජාවාරම සිදුවන ආකාරයයි.

අනතුරුව උකුස්සා මේ සම්බන්ධයෙන් මහියංගණය පොලීසියට දැනුම් දීමෙන් අනතුරව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වැලි ජාවාරම්කරුන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙහිදී පුද්ගලයින් සිව්දෙනෙකු සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි ට්‍රැක්ටරයක් ඇතුළු වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ තොගයක් පොලිස් භාරයට ගනු ලැබුවේය.

වගකිවයුත්තන්ගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා මහවැලි ඟඟෙහි නීති විරෝධී වැලි කැණීම් දිගින් දිගටම සිදුවන මෙම පරිසර විනාශය වලක්වාලීමට බලධාරීන් කටයුතු කරනේ කවදාද?

මේ පිලිබඳ අද දෙරණ උකුස්සා සීරුවෙන්.....