කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

February 21, 2019   01:18 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් ව තිබේ.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරගය දකුණු අප්‍රිකාවේ පෝට්එලිසෙබෙත් ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

අද තරගය සඳහා පුහුණුවිම් අතරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහභාගීවිම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහු අද තරගය සඳහා සහභාගී නොවුනහොත් මිලින්ද සිරිවර්ධන හෝ ඇන්ජලෝ පෙරේරා ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුළත් වනු ඇති බව සඳහන්ය.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වර්නන් පිලෙන්ඩර් ද ආබාධයක් හේතුවෙන් අද තරගයෙන් ඉවත්ව තිබේ.

ඔහු වෙනුවට වියාන් මල්ඩර්  කණ්ඩායමට ඇතුළත්විමට නියමිතයි.