ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමකට සම්බන්ධ වෙරළාරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
සයුරෙන් එතෙර

ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමකට සම්බන්ධ වෙරළාරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

February 21, 2019   12:17 pm

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට අමෙරිකානු වෙරළාරක්ෂක නිලධාරියෙකු එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වොෂින්ටන්හි පිහිටි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සේවය කළ 49 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී ගිනි අවි 15ක්  ඇතළු අවි ආයුධ තොඟයක් මෙන්ම නීති විරෝධි මත්ද්‍රව්‍ය තොඟයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.