බගවන්තලාවේ නිවාස පේළිය කඩා වැටීමේ අවධානමක

බගවන්තලාවේ නිවාස පේළිය කඩා වැටීමේ අවධානමක

February 21, 2019   11:40 am

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ වසර 100 කට වඩා ඉපැරණි වතු නිවාස පේළියක් කඩා වැටීමේ අවධානමක් මතු වීම හේතුවෙන් එම නිවාස පදිංචිව සිටි පවුල් 12 කට අයත් සාමජීකයන් 51 දෙනෙකු එම නිවාස වලින් තාවකාලිකව ඉවත් කළ බව බගවන්තලාව පොලීසිය පැවසීය.

අදාළ නිවෙස්වල සිටි සාමජීකයන් 51 දෙනා ඊයේ(20) ඉවත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කළුගල් ආධාරයෙන් සිමෙන්ති මිශ්‍රණයෙන් එවකට ඉදි කර ඇති මෙම නිවාස පේළියේ විශාල ලෙස ඉරිතලා කළුගල් ගැලවී බිමට වැටීම හේතුවෙන් එම නිවාස පේළිය කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින බව පොලීසිය සඳහන් කළේය.

එම නිවාස පේලියට ලබාදි තිබු විදුලි බලයද මේ වන විට විසන්ධි කර ඇති අතර එම නිවාස පේළියේ පදිංචි අවතැන් වුවන් තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවස් වල පදිංචි කිරිමට වතු පාලනය අධිකාරිය කටයුතු කර තිබේ.

අවතැන් වුවන්ට අවශ්‍යය ආහාර පාන වතු පාලන අධිකාරිය මගින් ලබාදි ඇත.

කඩා වැටීමේ අවධානමකට ලක් වි ඇති වතු නිවාස පේළියේ පදිංචිව සිටි වතු කම්කරුවන් වෙනුවෙන් අලුතින් නව නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමග සාකච්ඡා පවත්වන බව වතු පාලන අධිකාරිය පැවසීය.