සීමාව ඉක්මවා ගිය 13ක් අත්අඩංගුවට
February 21, 2019 10:39 am
මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයන් අතරතුර ධීවර යාත්‍රා 03ක් සමඟ මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
කරෙයිතිව් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් 05 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් සහ දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවරයින් 08 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත බාරදීමට නියමිතයි.
මේ අතර මේ වසරේ ගත වූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු සහ යාත්‍රා 05ක් සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.