කුළු බඩු නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමට පියවර

කුළු බඩු නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමට පියවර

February 20, 2019   02:53 pm

කුළු බඩු  නිෂ්පාදන කණ්ඩායම් ශක්තිමත් කිරීම උදෙසා කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අගයදාමය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

දෙහිඅත්තකන්ඩිය, පදියතලාව, මහඔය, සහ අම්පාර ප්‍රදේශයන්හි කුළු බඩු ආශ්‍රිත පොකුරු ව්‍යාපෘතියේ සාමාජිකයන් වෙත මිලියන 16 ක් වටිනා මූල්‍යාධාර ප්‍රදානය පසුගියදා බත්තරමුල්ල සුහුරුපායේ දී අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.   

මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ.