Pre-shoot එකක් අතරතුර සල්ලි අතුරුදන් වෙයි

Pre-shoot එකක් අතරතුර සල්ලි අතුරුදන් වෙයි

February 20, 2019   09:59 am

මාතර නගරයේ වෙරළ තීරය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබු රුපියල් 50,000කට අධික මුදලක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබේ.

ඊයේ(19) උදෑසන මෙම සොරකම සිදුව ඇති අතර අදාළ සොරකම සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණි.

මෙම මුදල සොරකම් කර ඇත්තේ පෙබරවාරි 26 දා පැවැත් වෙන විවාහ මංගල උත්සවයට පෙර ඡායාරූප ගැනීම සඳහා පැමිණි යුවලකගේ ත්‍රීරෝද රථයකින් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිස් අපරාධ අංශය වෙත පැමිණිලි කර ඇති අතර පසුව සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ත්‍රීරෝද රථයෙන් මුදල් සොරා ගත් පුද්ගලයා මාස කිහිපයක සිට මෙවැනි සිදුවීම් කිහිපයක් සිදු කර ඇති අතර මාතර පොලීසිය විසින් සොයන ලද පුද්ගලයෙකි.

අදාළ සැකකරු අද(20) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.