ජීවිත අවදානම පවා නොතකා ශාසනය වෙනුවෙන් කැපවෙන බුද්ධ පුත්‍රයන් දෙනමක්

ජීවිත අවදානම පවා නොතකා ශාසනය වෙනුවෙන් කැපවෙන බුද්ධ පුත්‍රයන් දෙනමක්

February 19, 2019   06:36 pm

සංඝාවාස ගොඩනැගිල්ලක්වත් නොමැතිව ශාසනය වෙනුවෙන් කැපවෙන භික්ෂුන් දෙනමක් පිළිබද පුවතක් අද දෙරණට වාර්තා විය.

ඒ ගරාවැටීමට ආසන්න තත්වයට පත්ව තිබෙන , වලස්මුල්ල ප්‍රදේශයේ වසර 85 ක් පැරණි  විහාරස්ථානයකින්.

වලස්මුල්ල වල්ගම්මුල්ල ශ්‍රී දුමින්දාරාමය විහාරස්ථානය ඉදිකෙරුණේ 1934 වසරේදීයි.

එදා සිට අද දක්වාම මෙම විහාරස්තානය  ප්‍රදේශයේ ජනතාවට ඉමහත් මෙහෙයක් ඉටුකරනු ලැබුවේය.

එහෙත් වසර ගණනක් පුරා කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවීමෙන් ශ්‍රී දුමින්දාරාමය අද වන විට ගරාවැටෙන තත්වයට පත්ව ඇති අතර එහි සිටි භික්ෂුන් දෙනමක් හැර අනෙක් සියලු භික්ෂූන් මේ වන විට ඉන් ඉවත්ව ගොස් සිටියි.

විහාරස්තානයේ මුලික පහසුකම් පවා මේ වන විට පවතින්නේ අවම මට්ටමකයි.

එහි සංඝාවාසයද ගරාවැටුණු තත්ත්වයට පත්ව තිබීමෙන් එහි වාසය කරන බුද්ධ පුත්‍රයන් දෙදෙනාගේ ජීවිත පවා අවධානම් තත්වයට පත්ව තිබේ.