සීමාව ඉක්මවා ගිය ධීවරයින් 100ක් අත්අඩංගුවේ

සීමාව ඉක්මවා ගිය ධීවරයින් 100ක් අත්අඩංගුවේ

February 19, 2019   08:47 am

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සියයකට ආසන්න පිරිසක් තවදුරටත් මෙරට අත්අඩංගුවේ පසුවන බව නාවික හමුදාව පවසයි.

මීට අමතරව ඉන්දීය ටෝලර් යාත්‍රා 152ක් මෙරට බලධාරීන් භාරයේ ඇති බව ද නාවික හමුදාව සදහන් කළේය.

කෙසේවෙතත් මෙම ටෝලර් යාත්‍රාවලින් 130ක් නිදහස් කර ඇති අතර ඒවා රැගෙන යන ලෙස ඉන්දීය බලධාරීන්ට දැනුම් දී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ටෝලර් යාත්‍රා 22ක් මෙරට භාරයේ පවතින බව නාවික හමුදාව සදහන් කළේය.

මේ අතර ටෝලර් යාත්‍රා එරටට රැගෙන යාම සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණ තිබේ.

ඔවුන ටෝලර් යාත්‍රා නිරීක්ෂණය කර ඒවා රැගෙන යන බවට ප්‍රකාශයට පත් කර තිබුණ ද මේ දක්වාත් රැගෙන ගොස් නොමැති බව නාවික හමුදාව සදහන් කළේය.