මාරක රිය අනතුරකින් තවත් ජීවිත දෙකක් අහිමි වෙයි

මාරක රිය අනතුරකින් තවත් ජීවිත දෙකක් අහිමි වෙයි

February 19, 2019   08:35 am

නාවලපිටිය පොලිස් වසමේ නාවලපිටිය-ගම්පොළ මාර්ගයේ වරකාව ප්‍රදේශයේ දී අද(19) අළුයම 2.35ට පමණ අනතුරක් සිදුව තිබේ.

මාර්ගයේ නාවලපිටිය දෙස සිට ගම්පොළ දෙසට ධාවනය වු ටිපර් රථයක් හා ගම්පොළ දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

එකිනෙක ගැටී මෙන් පසුව බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් කළ පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

මෙසේ ‍මිය‍ගොස් ඇත්තේ වයස අවුරුදු 31 වු ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි එස්.එස්.අයි.ගලප්පත්ති යන පුද්ගලයෙක් හා මීතලාව, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි තිලක්සිරිගේ අමල් ගුණරත්න යන වයස අවුරුදු 38 ක් වු අයෙකි.

මේ වන විට මෘත ශරීර නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.