මාතලේ ඉන්ධන හලක් කොල්ලකයි

මාතලේ ඉන්ධන හලක් කොල්ලකයි

February 19, 2019   08:24 am

මාතලේ පොලිස් වසමේ මාතලේ වරකාමුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කොල්ලකා තිබේ.

ඊයේ(18) රාත්‍රී 7.30ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇතැයි පොලීසිය පවසයි.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කර ගනිමින් හිස්වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා ගිනි අවියක් පෙන්වා ඉන්ධන හලේ සේ‍වකයින් බිය ගන්වා තිබේ.

පසුව රුපියල් 52200 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මාතලේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අරඹා ති‍බේ.