අදාල පැමිණිලි පමණක් ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්
February 19, 2019 07:43 am
රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම්, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට අදාළ පැමිණිලි පමණක් තම කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2015 වසරේ ජනවාරි මස 15 වන දින සිට පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පසුගියදා පිහිටුවනු ලැබුවේය.
අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පිහිටුවනු ලැබු මෙම පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළේය.
ඒ අනුව මේ වන විට තම කොමිෂන් සභාව වෙත විවිධ පෙත්සම් 88ක් පමණ ලැබී ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සදහන් කළේය.
කෙසේවෙතත් මෙම පැමිණිලිවලින් බොහොමයක් කොමිෂන් සභාවේ විෂය පථයට ඇතුළත් නොවන බව වාර්තා වේ.
එම නිසා කොමිෂන් සභාවේ විෂය පථයට අදාළ පැමිණිලි පමණක් ඉදිරිපත කරන ලෙස එම කොමිසම ඉල්ලීමක් කරයි.
මේ අතර පැමිණිලි පෙත්සම් භාරගැනීම ලබන මස 07 වන දිනෙන් අවසන් වන බව එම කොමිෂන් සභාව සදහන් කළේය.