නවම් පුන් පොහොය දිනය අදයි

නවම් පුන් පොහොය දිනය අදයි

February 19, 2019   06:54 am

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පුන් පොහොය දිනය අදට (19) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රාශාවක තනතුරු ලැබීම, බුදු රජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැරීම, බුදුන්වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂ පෑම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අදවන් පුන් පොහෝ දිනක සිදුවූ බව සදහන්.

නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, භාවනා ඇතුළු පිංකම් රැසක් සිදුකෙරෙන අතර එෆ්.එම්.දෙරණ සංවිධානය කරන එෆ්.එම්.දෙරණ අසපුව පෝදා සජීවි වැඩසටහන අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල විහාර පරිශ්‍රයේ දී අද අලුයම ආරම්භ වු මෙම අසපුව වැඩසටහන අද රාත්‍රිය දක්වා පැවැත්වේ.