ආදරය ජය ගන්න නිවසින් පැන ආ තරුණ පෙම් යුවල දිය රකුසට බිලි වෙයි

ආදරය ජය ගන්න නිවසින් පැන ආ තරුණ පෙම් යුවල දිය රකුසට බිලි වෙයි

February 18, 2019   11:06 pm

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමින සිටි අඩු වයස් පෙම් යුවලක් අසල පිහිටි කැලේවැවේ දිය නාමින් සිටියදි අද (18 ) සවස දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

 මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු හා ඔහුගේ පෙම්වතිය බව කියන නාත්තන්ඩිය කහටවිල පොතුවටවන පදිංචිව සිටි 17 හැවිරිදි තැනැත්තියක්.

මරණයට පත් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් වලින් රහසින් පැන විත් නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ මරණයට පත් තරුණයාගේ ඥාතියකුගේ නිවසේ පදිංචිව සිටිමින් ගඩොල් කැපිමේ නිරතව සිටි ඇති බව වාර්තා වේ.

 මරණයට පත් 17 හැවිරිදි දැරිය නිවසින් අතුරුදහන් වි ඇති බව ඇගේ මව් පියන් මාරවිල කොස්වත්ත පොලිසියට පැමිනිලි කර තිබු බවද පැවසෙයි.

 කෙසේ නමුත් මරණයට පත් දෙදෙනා අඹු සැමියන් ලෙස එකට වාසය කරන්නට ඇති බවට පොලිසිය පවසයි.

 මරණයට පත් දෙදෙනා සවස වැඩ කටයුතු අවසන් වි කැලේ වැවට දිය නැමට ගොස් සිටියදි මෙම අනතුරට මුහුන දි ඇති බවත් තරුණිය පළමුව වැවේ වලකට වැටිමේන් පසුව ඇය බේරා ගැනිමට තරුණයා කටයුතු කරමින් සිටියදි දෙදෙනාම දියේ ගිලි මරණයට පත් වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

 කෙසේ නමුත් මරණයට පත් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මුලික රෝහලට යැවිමට පොලිසිය කටයුතු කර තිබු අතර හෙට (19) අදාල මරණ සම්බන්ධ මරණ පරික්ෂණ එහිදි සිදුවිමට නියමිත බවද කියයි.