කෙසෙල්වත්තේ වෙඩි තැබිමට සැකපිට රයිනා අත්අඩංගුවට

කෙසෙල්වත්තේ වෙඩි තැබිමට සැකපිට රයිනා අත්අඩංගුවට

February 18, 2019   10:07 pm

කෙසෙල්වත්ත - වේල්ලවීදිය ප්‍රදේශයේදී ඊයේ (17) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට කෙසෙල්වත්ත දිනුක ගේ ගෝලයෙකු වන රයිනා නමැති 24 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04ක් සහ කඩුවක් සොයා ගත් බව පොලීසිය පවසයි

කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රීයේය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ 28 හැවිරිදි තරුණයෙක් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු කොටහේන චානා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සහයකයෙක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.