හොර්ටන් තැන්නේ සිගරට් බිව්ව අයට වැඩ වරදී

හොර්ටන් තැන්නේ සිගරට් බිව්ව අයට වැඩ වරදී

February 18, 2019   08:35 pm

 

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙරට දෙවනතම විශාල වනොද්‍යා‍නය වන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුල දුමිවැටියක් පානය කරමින් සිටි පුද්ලගයින් දෙදෙනෙකුහට නුවරඑළිය මහෙස්ත්‍රාත් ඩි .පි ආර්.ජයසේකර මහතා විසින් රුපියල් හැත්තැ දහාසක දඩ මුදලක් නියම කරනු ලැබිය.

ඉකුත් දිනකදි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුල අදාල පුද්ගලයින් දෙදෙනා ලයිටරයකින් දුම්වැටියක් දල්වා එය පානය කරමින් සිටියදි උද්‍යානපාලන අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් හට වන සත්ව හා වෘකෂලතා අඥාපතනට අනුව චොදනා ගොනු කොට අධිකරණයට  අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ මුදලකට යටත් කොට ඇත.

මෙම පුදගලයින් දෙදෙනා මාතලේ සහා උකුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.