ලංකාවේ ක්රිකට් හදන්න පුළුවන්
February 18, 2019 07:37 pm
ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව ගොඩ ගත හැකි බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මහතා පවසයි.
අද දෙරණට විශේෂ ප්රකාශක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර දකුණු අප්රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයගැනීම සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර මහතා පවසන්නේ එය විශිෂ්ඨ ජයක් බවයි.
දකුණු අප්රිකානු රටකට ගොස් තරග ජය ගැනීම ඉතා අපහසු කටයුත්තක් බවත් මෙවැනි අසීරු තත්ත්වයකදී ඊයේ තරගය ජය ගැනීම අගය කර යුතු බව කුමාර් සංගක්කාර මහතා පෙන්වා දෙයි.
දකුණු අප්රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසු ක්රීඩක විවේකාගාරය තුළදී ශ්රී ලංකා ක්රීඩකයන් පළ කළ අදහස් ඇතුළත් වීඩියෝ පටයක් ඊයේ මහත් ආන්දෝලනයට තුඩුදුන්නේය.
දකුණු අප්රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව ශ්රී ලංකා ක්රීඩකයන් ක්රීඩාගාරය තුළදී සිදු කළ ප්රකාශ ඇතුළත් වීඩියෝවක් ඊයේ සමාජජාලා වල පැතිරගියේ ආන්දෝලනයක් ඇති කරමින්ය.
එම වීඩියෝ පටය පිළිබඳ කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇති අතර ක්රිකට් ප්රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ කණ්ඩායමේ කළමනාකාරවරයා ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිත බවයි.