මනුෂ්‍යත්වය රටකට වඩා වැදගත්

මනුෂ්‍යත්වය රටකට වඩා වැදගත්

February 18, 2019   07:07 pm

රටක වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇතුල්කෝට්ටේ  මහින්දාරාම විහරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය

ඇතුල්කෝට්ටේ  මහින්දාරාම විහරස්ථානයේ අභිනවයෙන් ඉදිරිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කොට පූජා කිරීමේ පිංකම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පැවැත්වුණි.

එහිදී විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රෙය් මහලේකම් ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණි

විහාරස්ථානය ඉදිකිරීමට පුරෝගාමී වූ ආදි කර්තෘන්ගේ ඡායාරූප වෙත පුෂ්පෝපාහාර දැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මේ අතර නව ගොඩනැඟිලි සංකිර්ණය විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති ආගමික උත්සවයකට ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්වුණි.