එජාපෙට ජනාධිපති අපේක්ෂකයෝ කවුරුත්ම නැත්නම් කරූව හරි ඉදිරිපත් කරනවා

එජාපෙට ජනාධිපති අපේක්ෂකයෝ කවුරුත්ම නැත්නම් කරූව හරි ඉදිරිපත් කරනවා

February 18, 2019   05:37 pm

පුද්ගලවාදි දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සන්ධානය හා පොහොට්ටුවේ අය එකට එකතු වී සමහරු මහින්ද රාජපක්ෂ නොමැති නම් කෙසේ හෝ රාජපක්ෂවරයෙක් ඉදිරි මැතිවරණයට ගෙන එන බව පවසන බවත් තවත් සමහරු ලබන ජනවාරී මාසය වන විට රටේ ඉන්නේ තවත් රාජපක්ෂවරයෙක් පමණක් වන බව ද සඳහන් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම වැඩපිළිවෙල සමඟ කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂයට තරගයක් නොමැති බව ද පැවසු මන්ත්‍රීවරයා ජනාධිපති අපේකෂකයා වශයෙන් අගමැතිවරයා හේ සජිත් ප්‍රේමදාස මහතා හේ ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව කියා සිටියේය.

කවුරුත්ම නැතිනම් කරූ ජයසූරිය මහතා ද ඉදිරිපත් කළ හැකි බව පැවසු මන්ත්‍රීවරයා, පුද්ගලවාදී වී එක්සත් ජාතික පක්ෂය වැඩ නොකරන බව ද පැවසීය.