වැඩ බැරිනම් බාර දීලා යන්න

වැඩ බැරිනම් බාර දීලා යන්න

February 18, 2019   05:29 pm

වත්මන් ආණ්ඩුවේ මන්දගාමී ක්‍රියාකලාපය හේතුවෙන් රටේ පැවති සංවර්ධනය මුළුමනින්ම ඇනහිට ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රෙස්න මහතා පවසයි.

අද(18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ හැකි ඉක්මණින් මැතිවරණයක් පවත්වා ජනතා මතය අනුව ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට ඉඩ ලබාදෙන ලෙසයි.

දැවැන්ත සංවර්ධනයක් සිදු කරමින් තිබු රට පුරා වසර 4 හමාරක් පුරා ආපස්සට ගොස් ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ආර්ථික වශයෙන් පිරිහි ඇති බවත්, වැඩ කිරීමට නොහැකි නම් ආණ්ඩුව භාර දී යන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මැතිවරණවලට බිය වී ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වන විට පක්ෂය රැක ගැනීමට ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට උත්සහ කරන බව ද කියා සිටියේය.

රට කඩා වැටී ඇති මොහොතක කළ යුතුව ඇත්තේ මහමැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ ලබා දීම බව ද චන්ද්‍රෙස්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.