ව්‍යවස්ථාදායක සභාව පක්ෂක්ග්‍රාහී බව ජනපතිම චෝදනා කළා

ව්‍යවස්ථාදායක සභාව පක්ෂක්ග්‍රාහී බව ජනපතිම චෝදනා කළා

February 18, 2019   05:23 pm

ව්‍යවස්ථාදායක සභාව පක්ෂක්ග්‍රාහී ලෙස කටයුතු කරන බවට ජනාධිපතිවරයා විසින්ම චෝදනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලිනික වශයෙන් මෙලෙස පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කිරීම යන ප්‍රබල චෝදනාව කරන අය අතර,ජනාධිපතිවරයාත් විපක්ෂ නායකවරයාත් සිටින බව ද ගම්මන්පිල මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උ(3) වගන්තිය යටතේ,ව්‍යවස්ථාදායක සභාව තමන්ගේ පත්වීම් සඳහා රීති සකස් කර ගැසට් මඟින් ඉදිරිපත් කළ යුතු අතර, එය මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහෙත් තවමත් මෙම වගකීම නිසි ලෙස ඉටු වී නොමැති බැවින් මොවුන් උසස් වීම් ලබා දෙන ආකාරය පත්වීම් ලබා දෙන ආකාරය පිළිබඳ සියලු දෙනාට ගැටළුවක් වී ඇතැයි ද පැවසු ගම්මන්පිල මහතා අද වන විට ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දේශපාලන අරමුණු වෙනුවෙන් පත්වීම් ලබා දෙන බවට ප්‍රබල චෝදනාවක් ඇති බව ද සඳහන් කළේය.

අද වන විට ආණ්ඩුවට පක්ෂපාතී නොවන විනිසුරුවරුන්ට පත්වීම් ලබා දෙන විට අධිකරණයේ ස්වාධීනත්වයක් බලාපොරොත්තු වන්නේ කෙසේ ද යනුවෙන් ද ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.