කුරුමිණියෝ අල්ලන්න ගිය චීන්නුන්ට වැඩ වරදී

කුරුමිණියෝ අල්ලන්න ගිය චීන්නුන්ට වැඩ වරදී

February 18, 2019   04:55 pm

හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු අද(18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන බාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර මහතා පැවසීය.

මෙම චින ජාතිකයන් දෙදෙනා හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය සංචාරයක් සඳහා අද පැමිණ මෙම කුරුමිණි විශේෂය අල්ලා රැගෙන යාමට උත්සහ කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කළ බව ප්‍රදිප්කුමාර මහතා කියා සිටියේය.

එම චින ජාතිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, එම චින ජාතිකයන් දෙදෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ප්‍රදිප් කුමාර මහතා කියා සිටියේය.‍

මෙම චින ජාතිකයන් දෙදෙනා සන්තකයේ කුරුමිණියන් දස දෙනෙකු පමණ අල්ලා සිය බැගය තුළ සගවාගෙන සිටි බව ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේය.

හොර්ටන් තැත්න ජාතික වන උද්‍යානය තුළ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙලක්ද දියත් කර ඇති බව ද ප්‍රදිප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.