ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක්

February 18, 2019   04:50 pm

ඔස්ට්‍රේලියා මහ මැතිවරණය එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට නියමිතයි.

එවැනි වතාවරණයක් තුළ  එරට ප්‍රධාන  ‍දේශපාලන පක්ෂ ඉලක්ක කර එල්ල කළ සයිබර් ප්‍රහාරයක් පිළිබඳව එරට බුද්ධි අංශවල අවධානය යොමු වී තිබේ.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවට අයත් පරිඝනක පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී  ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ඊට බලපෑමක් එල්ල වී ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බව ඔහු සඳහන් කළේය.

මීට සතියකට පමණ ඉහතදී පාර්ලිමේන්තුවට අයත්  පරිගණක ජාලයේ  සයිබර් ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව විමර්ශනයක් ආරම්භ කළේය.

එහිදී අනාවරණය වුයේ ඉන් එරට ප්‍රධාන පක්ෂවලට අයත් පරිඝනක පද්ධතිවලටද බලපෑම් එල්ල වී ඇති බවයි.

මෙහිදී  දත්ත සොරකම් කිරීමක් සිදුව ඇත්ද  යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානු සයිබර්  ආරක්ෂණ මධ්‍යස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව සඳහන්.

මේ අතර ඊට  විදෙස් රටක සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව සෙවීමට එරට  බුද්ධි අංශ මැදිහත් වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.