පියෙකුගේ ජීවිතයක් මහ මඟ දී අහිමි වෙන හැටි කැමරාවේ සටහන් වෙයි
February 18, 2019 04:44 pm
කටුගස්තොට මාර්ග සංඥා පුවරුව අසලදී අද(18) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද උදෑසන 6.30ට පමණ මාතලේ සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ ජිප් රථයක් කුරුණෑගල සිට නුවර බලා ධාවනය වූ ත්රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුර අසල ගොඩනැඟිල්ලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරා එම ස්ථානයේම රැඳී සිට ඇති අතර එහිදී ඔහුට සිදුවූ තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමත් සමඟ ත්රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට ගුහාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි එක්දරු පියෙක්.