පුද්ගලයන් රවටා කප්පම් ගත් සැකකරුවන් පැය 4ක මෙහෙයුමකින් කොටුවෙයි

පුද්ගලයන් රවටා කප්පම් ගත් සැකකරුවන් පැය 4ක මෙහෙයුමකින් කොටුවෙයි

February 18, 2019   04:40 pm

පුද්ගලයන් රවටා කප්පම් ලබා ගැනීමේ සිද්ධියකට අදාල සැකකරුවන් හයදෙනෙකු කළුතර උතුර පොලීසිය විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබේ.

පැය 4ක් ඇතුළත අදාල සිද්ධිය පිළිබදව අනාවරණය කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලීසිය අද සමත් විය.

මොරගහහේන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හයදෙනා සතුව තිබී රුපියල් හත්ලක්ෂ 79000 ක මුදලක් සමඟ වෑන් රථයක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.