කෙසෙල්වත්තේ සිදු වූ වෙඩි තැබීමේ CCTV දර්ශන හමුවෙයි
February 18, 2019 04:40 pm
කෙසෙල්වත්ත, වේල්ල වීදිය ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ.
අදාළ වෙඩි තැබීම සිදු කරන ආකාරය අසල වෙළඳ සැලක සවි කර තිබූ ආක්ෂිත කැමරාවක සටහන්ය තිබුණි.
ඊයේ(17) රාත්රි අදාළ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පළාගොස් යන ආකරයද සටහන්ය තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි කෙසෙල්වත්ත ප්රදේශයේම පදිංචි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේය.
කුමන හේතුවක් මත කවුරුන් විසින් අදාළ වෙඩි තැබීම සිදු කළේද යන්න සම්බන්දයෙන් මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.