රනිල්ට බහුතරයක් නැතිනම්-එහෙට මෙහෙට පනින අයගෙන් රට පාලනය කරන්න අයිතියක් නෑ
February 18, 2019 04:10 pm
ජනතාවට ඉදිරි මාස කිහිපය ඇතුළත මහමැතිවරණයක් ලබාදීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කලේ කෝට්ටේ පැවැති ජනහමුවකට එක්වෙමින්.
අද වන විට රට තුළ දැවැන්ත දුෂණ, වංචා සිදුවන බවත්, විධායක ජනාධිපතිධූරය යනු හොරකම් කිරීමට ඇති බලපත්‍රයක් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යධූරය ද එවැනිම හොරකම් කිරීමට ලබා දී ඇති බලපත්‍රයක් ලෙස සැලකිය හැකි බවත්, අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියොත් විනය සකසන බව පැවසුවත් එවැනි තත්ත්වයක් ඇති කළ නොහැකි බව ද අනුර කුමාර මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහට බහුතරයක් නොමැති නම්, එහාට මෙහාට පැන පැන සිටින මන්ත්‍රීවරුන්ගෙන් එකතු කර රට පාලනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ද අනුර කුමාර මහතා සඳහන් කරයි.
එනිසා ඉතා ඉක්මනින් ජාතික මැතිවරණයක් අවශ්‍ය බවත් මාස කිහිපයක් තුළ මහ මැතිවරණයක් දිනා දීමට කටයුතු කරන බවත් අනුර කුමාර මහතා පැවසීය.