බේබී නෝනා 104 සැමරූ හැටි

බේබී නෝනා 104 සැමරූ හැටි

February 18, 2019   01:42 pm

නිවසේ වැඩකටයුතු වලටද තවදුරටත් සහය දෙමින් සිය 104වන ඡන්ම දිනය සැමරූ ආදරණීය මවක් පිළිබඳව අපට වාර්තා විය.

ඒ මාතර අකුරැස්ස ප්‍රදේශයෙන්.

මාතර , අකුරැස්ස කියාඩුව ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ නිරෝගීව කල්ගෙවන මෙම මවගේ ජන්ම දිනයදා ඇය පිළිබද තොරතුරු සොයා බලන්නට අද දෙරණ එම නිවසට ගියේය.

නමින් යූ.ඩබ්.බේබී නෝනා වන ඇය දරුවන් පස්දෙනෙකුගේ මවක්.

වයස අවුරුදු 104ක් සපිරුණු යූ.ඩබ්.බේබී නෝනා මාතාවගේ උපන්දින සාදය පසුගියදා සංවිධාන කර තිබුණේය.